ෆොක්ස් හිල් අනතුරින් මිය ගිය අය අතර යුද හමුදා නිලධාරියෙකුත් – Update

දියතලාව යුද හමුදා කදවුර නරියාකන්ද ප්‍රදේශයේ වාර්ෂිකව පවත්වන ෆොක්ස් හිල් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අතර තුර සිදු වූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් අතරවාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන තරඹන්නන් අසලට කඩා වැදී මෙම අනතුර සිදු වුණා.

මෙම අනතුරකින් විසිඑක් දෙනෙකු තුවාල ලබා ඇතුළත් කෙරුනේ දියතලාව රෝහලටයි.

අනතුරින් මිය ගිය අය අතර වයස අවුරුදු 10ක පමණ ගැහැණු ළමයෙක් ද සිටින බවයි වාර්තා වුණා.

ඊට අමතරව යුද හමුදා නිලධාරියෙක් ද මිය ගිය පිරිස අතර සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරින් මිය ගිය අයගෙන් මාතර ප්‍රදේශයේ තිදෙ‍නෙක්, වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් ද සිටිනවා.

අනතුරින් පසු තරගාවලියෙ ඉතිරි තරග සියල්ල අවලංගු කරන්නටයි සංවිධායකයින් කටයුතු කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25