රේල් පාරේ නිදාගත් අයෙක් දුම්රියට බිලිවෙයි

මඩකලපුව, වන්දාරුමූලේ ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරාවුර් පොලීසිය පැවසුවේ වන්දාරුමූලේ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි නඩරාජා සිවසුබ්‍රමනියම් නම් පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් මොහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රී ආහාරය ගැනීමෙන් අනතුරුව දුම්රිය මාර්ගයේ හිස තබාගෙන සිටියදී දුම්රියේ ගැටී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දුම්රියේ ගැටී ඔහුගේ හිසට බරපතල තුවාල සිදුව තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48