වෙඩි ප්‍රහාරයට ලක් වූ ගිරිතලේ තරුණිය මියගිය බවට පළ වූ වාර්තා අසත්‍යක්

මින්නේරිය පොලිස් වසමේ, ගිරිතලේ, යාය 04 ප්‍රදේශයේ දී ඊයේ (14) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණිය මියගොස් ඇති බවට පළ වූ වාර්තා අසත්‍ය බව පොලිසිය පවසනවා.

මින්නේරිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකුගෙන් අප කළ විමසීමක දී ඔහු මේ බව සඳහන් කළා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ 17 හැවිරිදි තරුණිය මේ වනවිට අනුරාධපුර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි එම නිලධාරියා අප සමඟ පැවසුවේ.

මෙම තරුණිය සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය 40 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සැකපළ කරන්නේ.

ඊයේ (14) රාත්‍රී 8.45ට පමණ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් තරුණියගේ ගෙළ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව තිබුණා.

අදාළ තරුණිය සිය මව සමඟ ඊයේ (14) ඥති නිවසකට ගිය අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, අනතුරුව ඇයව ඇතුළත් කෙරුනේ පොළොන්නරුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයටයි.

පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?