වෙඩි ප්‍රහාරයට ලක් වූ ගිරිතලේ තරුණිය මියගිය බවට පළ වූ වාර්තා අසත්‍යක්

මින්නේරිය පොලිස් වසමේ, ගිරිතලේ, යාය 04 ප්‍රදේශයේ දී ඊයේ (14) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණිය මියගොස් ඇති බවට පළ වූ වාර්තා අසත්‍ය බව පොලිසිය පවසනවා.

මින්නේරිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකුගෙන් අප කළ විමසීමක දී ඔහු මේ බව සඳහන් කළා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ 17 හැවිරිදි තරුණිය මේ වනවිට අනුරාධපුර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි එම නිලධාරියා අප සමඟ පැවසුවේ.

මෙම තරුණිය සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය 40 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සැකපළ කරන්නේ.

ඊයේ (14) රාත්‍රී 8.45ට පමණ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් තරුණියගේ ගෙළ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව තිබුණා.

අදාළ තරුණිය සිය මව සමඟ ඊයේ (14) ඥති නිවසකට ගිය අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, අනතුරුව ඇයව ඇතුළත් කෙරුනේ පොළොන්නරුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයටයි.

පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යවා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53