තැපෑල අප්‍රේල් 12 වැනිදාත් වැඩ

අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් අලුත් අවුරුදු සමයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු තැපැල් සේවකයන් එදින රාජකාරියේ නිරතවීමට එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.

පසුගිය සමයේ ඉන්ධන පෝලිම්වල සිටි ජනතාව මෙවර අලුත් අවුරුද්ද නිමිත්තෙන් රෙදිපිලි ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඒකරාශී වී සිටින අයුරු දැකගත හැකි බවත් එම වෙනස රට තුළ ඇතිවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් දියත් කළ රට ගොඩ නැඟීමේ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය නිසා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

බෙදාහැරීම සඳහා ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් මෙම අලුත් අවුරුදු සමයේ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබෙනවා. විදෙස් රටවල සිටින පිරිස් විසින් මෙරට ඥාති හිතවතුන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් එවා තිබෙනවා. අලුත් අවුරුදු සමය නිසා එම භාණ්ඩ ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම අපට අභියෝගයක් වී තිබෙනවා. එම තත්ත්වය වළක්වා ගැනීමට අප්‍රේල් 12 වනදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදිනට සේවයට වාර්තා කිරීමට තැපැල්පතිවරයා සහ තැපැල් වෘත්තීය සමිති මෙන්ම සමස්ත සේවකයින් එකඟතාවය පළකර තිබෙනවා. එහි නිෂ්කාශණ කටයුතු සඳහා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සිය සහයෝගය ලබා දෙන බව දන්වා තිබෙනවා.

ඒ වගේම පසුගිය වසර කිහිපයේම සමස්ත ජනතාවම ගැටලු රාශියකට මුහුණ දුන්නා. ජනතාව ඉන්ධන පෝලිම්වල සිටියා. නමුත් මෙවර අලුත් අවුරුද්ද වන විට ජනතාව ඉන්ධන පෝලිම් වෙනුවට රෙදිපිළි ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඒකරාශී වී සිටින අයුරු දැකගත හැකියි. එම වෙනස රට තුළ ඇතිවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් දියත් කළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය නිසයි. ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ රට අත්කරගත් ආර්ථික වර්ධනය නිසා එහි ප්‍රතිලාභය ජනතාවට භුක්ති විඳීමට හැකි වී තිබෙනවා.

එමෙන්ම අවුරුදු කෑම මේසයේ මිල දෙගුණයකින් වැඩි වී ඇති බවට ඇතැමුන් චෝදනා කරනවා. නමුත් 2022/2023 වර්ෂ සමඟ සංසන්දනය කර බැලුවහොත් ඔබට මේ කියන කතාවල යථාර්තය වැටහෙනු ඇතැයි මම විශ්වාස කරනවා. එම වසර දෙකට සාපේක්ෂව විශාල වශයෙන් අවුරුදු කෑම මේසයේ මිල අඩු කිරීමට මෙවර හැකි වී තිබෙනවා. ඒ නිසා මෙම රට ගොඩ නඟන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාමට ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ද්‍රවශීලීතාවයෙන් තොරව චීනයෙන් ලැබී ඇති ඩොලර් බිලියන 1.5ත් සමඟ ඩොලර් බිලියන 4.9 දක්වා විදෙස් සංචිත වර්ධනය වී තිබෙනවා. එය මෙම වසර අවසානය වන විට ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.

අපට මැතිවරණ මානසිකත්වයක් නැහැ. අපට අවශ්‍ය දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ තවත් මාස 04ක් හෝ 05ක් ඉදිරියට පවත්වාගෙන යාමටයි. නියමිත වෙලාවට මැතිවරණය කැඳවීම මැතිවරණ කොමිසමේ කාර්ය භාරයක්. මැතිවරණ කොමිසම මැතිවරණය කැඳවූ විට ඊට මුහුණ දීමට අප සූදානම්. මේ මොහොතේ අපගේ අවධානය යොමු වන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බව පැවසිය යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09