තැපෑල අප්‍රේල් 12 වැනිදාත් වැඩ

අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් අලුත් අවුරුදු සමයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු තැපැල් සේවකයන් එදින රාජකාරියේ නිරතවීමට එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.

පසුගිය සමයේ ඉන්ධන පෝලිම්වල සිටි ජනතාව මෙවර අලුත් අවුරුද්ද නිමිත්තෙන් රෙදිපිලි ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඒකරාශී වී සිටින අයුරු දැකගත හැකි බවත් එම වෙනස රට තුළ ඇතිවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් දියත් කළ රට ගොඩ නැඟීමේ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය නිසා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

“බෙදාහැරීම සඳහා ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් මෙම අලුත් අවුරුදු සමයේ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබෙනවා. විදෙස් රටවල සිටින පිරිස් විසින් මෙරට ඥාති හිතවතුන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් එවා තිබෙනවා. අලුත් අවුරුදු සමය නිසා එම භාණ්ඩ ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම අපට අභියෝගයක් වී තිබෙනවා. එම තත්ත්වය වළක්වා ගැනීමට අප්‍රේල් 12 වනදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදිනට සේවයට වාර්තා කිරීමට තැපැල්පතිවරයා සහ තැපැල් වෘත්තීය සමිති මෙන්ම සමස්ත සේවකයින් එකඟතාවය පළකර තිබෙනවා. එහි නිෂ්කාශණ කටයුතු සඳහා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සිය සහයෝගය ලබා දෙන බව දන්වා තිබෙනවා.

ඒ වගේම පසුගිය වසර කිහිපයේම සමස්ත ජනතාවම ගැටලු රාශියකට මුහුණ දුන්නා. ජනතාව ඉන්ධන පෝලිම්වල සිටියා. නමුත් මෙවර අලුත් අවුරුද්ද වන විට ජනතාව ඉන්ධන පෝලිම් වෙනුවට රෙදිපිළි ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඒකරාශී වී සිටින අයුරු දැකගත හැකියි. එම වෙනස රට තුළ ඇතිවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් දියත් කළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය නිසයි. ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ රට අත්කරගත් ආර්ථික වර්ධනය නිසා එහි ප්‍රතිලාභය ජනතාවට භුක්ති විඳීමට හැකි වී තිබෙනවා.

එමෙන්ම අවුරුදු කෑම මේසයේ මිල දෙගුණයකින් වැඩි වී ඇති බවට ඇතැමුන් චෝදනා කරනවා. නමුත් 2022/2023 වර්ෂ සමඟ සංසන්දනය කර බැලුවහොත් ඔබට මේ කියන කතාවල යථාර්තය වැටහෙනු ඇතැයි මම විශ්වාස කරනවා. එම වසර දෙකට සාපේක්ෂව විශාල වශයෙන් අවුරුදු කෑම මේසයේ මිල අඩු කිරීමට මෙවර හැකි වී තිබෙනවා. ඒ නිසා මෙම රට ගොඩ නඟන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාමට ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ද්‍රවශීලීතාවයෙන් තොරව චීනයෙන් ලැබී ඇති ඩොලර් බිලියන 1.5ත් සමඟ ඩොලර් බිලියන 4.9 දක්වා විදෙස් සංචිත වර්ධනය වී තිබෙනවා. එය මෙම වසර අවසානය වන විට ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.

අපට මැතිවරණ මානසිකත්වයක් නැහැ. අපට අවශ්‍ය දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ තවත් මාස 04ක් හෝ 05ක් ඉදිරියට පවත්වාගෙන යාමටයි. නියමිත වෙලාවට මැතිවරණය කැඳවීම මැතිවරණ කොමිසමේ කාර්ය භාරයක්. මැතිවරණ කොමිසම මැතිවරණය කැඳවූ විට ඊට මුහුණ දීමට අප සූදානම්. මේ මොහොතේ අපගේ අවධානය යොමු වන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බව පැවසිය යුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51