ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලයේ දී ගත් තීන්දු ගැන මැතිවරණ කොමිසම තීරණයකට සැරසෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේ දී ගත් නව තීන්දු සම්බන්ධයෙන් කළ දැනුම්දීම් අධ්‍යනය කර අවසන් තීන්දුවක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ඊයේ (08) පස්වරුවේ තමන් හමු වී ලිපිලේඛන කිහිපයක් භාර දුන් බවයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ද සහභාගීත්වයෙන් ඊයේ (08) රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී සිදුකරන ලද නව පත්කිරීම් සහ ඊට අදාළ කරුණු එහි ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඇතුළු සාමාජිකයින් පිරිසක් ඊයේ මැතිවරණ කොමිසමට භාර දුන්නා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ අදාළ දැනුම්දීම් සහ ඊට අදාළ සියලු ලිපිලේඛන ලබන 18 වැනිදා කොමිසම හමුවට ඉදිරිපත් කර ඉදිරි පියවර තීරණය කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?