ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලයේ දී ගත් තීන්දු ගැන මැතිවරණ කොමිසම තීරණයකට සැරසෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේ දී ගත් නව තීන්දු සම්බන්ධයෙන් කළ දැනුම්දීම් අධ්‍යනය කර අවසන් තීන්දුවක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ඊයේ (08) පස්වරුවේ තමන් හමු වී ලිපිලේඛන කිහිපයක් භාර දුන් බවයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ද සහභාගීත්වයෙන් ඊයේ (08) රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී සිදුකරන ලද නව පත්කිරීම් සහ ඊට අදාළ කරුණු එහි ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඇතුළු සාමාජිකයින් පිරිසක් ඊයේ මැතිවරණ කොමිසමට භාර දුන්නා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ අදාළ දැනුම්දීම් සහ ඊට අදාළ සියලු ලිපිලේඛන ලබන 18 වැනිදා කොමිසම හමුවට ඉදිරිපත් කර ඉදිරි පියවර තීරණය කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30