මොසැම්බික් රාජ්‍යයේ යාත්‍රාවක් පෙරළී දරුණු අනතුරක්

මොසැම්බික් රාජ්‍යයේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ යාත්‍රාවක් පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී එම යාත්‍රාවේ පුද්ගලයින් 130 දෙනෙකු පමණ සිට ඇති අතර, මියගිය පිරිස අතර කුඩා දරුවන් රැසක් ද සිටින බවය්ටි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යාත්‍රාවේ මගී ධාරිතාව වැඩිවීම සහ එම යාත්‍රාව මගීන් ප්‍රවාහනයට නුසුදු තත්ත්වයක පැවතීම මෙම අනතුර සිදුවන්නට හේතු වී ඇති බවයි මොසැම්බික් බලධාරීන් පවසන්නේ.

මෙම යාත්‍රාව නාම්පුලා වෙරළට ඔබ්බෙන් වූ ලුංගා සිට මොසැම්බික් දක්වා ගමන් කරමින් තිබූ එකක් බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

යාත්‍රාවේ ගමන් ගත් පිරිස කොළරා රෝගය පැතිරීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් පලා යමින් සිටි පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?