දිල්ලිය පහළටම ඇද දමමින් මුම්බායි ඉන්දියන්ස් පළමු ජය ලබයි

මෙවර අයි.පී.එල් තරගාවලියේ අඛණ්ඩව ලැබූ තරග තුනක පරාජයෙන් පසු පළමු ජය වාර්තා කරන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද (07) සමත් වුණා.

ඒ, මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවති තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

දිල්ලි කණ්ඩායම පරදා මුම්බායි ක්‍රීඩකයින් මෙම තරගය ජය ගත්තේ ලකුණු 29 කින්.

මෙම තරගයේ දී දිල්ලි නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 234ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙහිදී මෙම තරගයේ දී මුම්බායි ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් රෝහිත් ශර්මා ලකුණු 49ක් සහ ඉශාන් කිෂාන් ලකුණු 42ක් රැස් කළා.

නායක හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 39ක් රැස්කළ අතර, අද තරගය දී මුම්බායි කණ්ඩායමට කැඳවූ සූර්යකුමාර් යාදව්ට ලකුණු ලබා ගැනීමට හැකිවුයේ නැහැ.

මේ අතර මුම්බායි ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුළ දිල්ලි පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 10ක් තුළ නොදැවී වේගවත් ලකුණු 39ක් රැස් කළා.

අනෙක් අන්තයේ සිට රොමාරියෝට අනගි සහයක් වෙමින් මුම්බායි ඉනිමට තවත් වේගවත් ලකුණු 45ක් එක් කරන්නට ටිම් ඩේවිඩ්ට හැකියාව ලැබුණා.

අනතුරුව ලකුණු 235ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට දිල්ලි ක්‍රීඩකයින් පිටියට පිවිසි අතර, ඔවුන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 08ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 205ක් පමණයි.

දිල්ලි ඉනිම වෙනුවෙන් ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 71ක් රැස්කළ අතර ප්‍රිත්වි ෂෝව් ලකුණු 66ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මුම්බායි වෙනුවෙන් ජෙරල්ඩ් කොට්සි සිය පන්දුවාර 04 තුළදී ලකුණු 34කට කඩුලු 04ක් දවාගත්තා.

ඊට අමතරව ජස්ප්‍රිත් බුම්රා ලකුණු 22කට කඩුලු 02ක් දවාගනිමින් මුම්බායි ජයග්‍රහණය පහසු කළා.

ඒ, අනුව මෙම තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 29ක ජයක් හිමි වූ අතර, මෙම ජයත් සමඟ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 08 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔවුන් සමත් වුණා.

කෙසේ වෙතත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට සිදුව වුණේ එහි අවසන් ස්ථානය දක්වා පසුබැසීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50