spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිල්ලිය පහළටම ඇද දමමින් මුම්බායි ඉන්දියන්ස් පළමු ජය ලබයි

මෙවර අයි.පී.එල් තරගාවලියේ අඛණ්ඩව ලැබූ තරග තුනක පරාජයෙන් පසු පළමු ජය වාර්තා කරන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද (07) සමත් වුණා.

ඒ, මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවති තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

දිල්ලි කණ්ඩායම පරදා මුම්බායි ක්‍රීඩකයින් මෙම තරගය ජය ගත්තේ ලකුණු 29 කින්.

මෙම තරගයේ දී දිල්ලි නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 234ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙහිදී මෙම තරගයේ දී මුම්බායි ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් රෝහිත් ශර්මා ලකුණු 49ක් සහ ඉශාන් කිෂාන් ලකුණු 42ක් රැස් කළා.

නායක හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 39ක් රැස්කළ අතර, අද තරගය දී මුම්බායි කණ්ඩායමට කැඳවූ සූර්යකුමාර් යාදව්ට ලකුණු ලබා ගැනීමට හැකිවුයේ නැහැ.

මේ අතර මුම්බායි ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුළ දිල්ලි පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 10ක් තුළ නොදැවී වේගවත් ලකුණු 39ක් රැස් කළා.

අනෙක් අන්තයේ සිට රොමාරියෝට අනගි සහයක් වෙමින් මුම්බායි ඉනිමට තවත් වේගවත් ලකුණු 45ක් එක් කරන්නට ටිම් ඩේවිඩ්ට හැකියාව ලැබුණා.

අනතුරුව ලකුණු 235ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට දිල්ලි ක්‍රීඩකයින් පිටියට පිවිසි අතර, ඔවුන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 08ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 205ක් පමණයි.

දිල්ලි ඉනිම වෙනුවෙන් ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 71ක් රැස්කළ අතර ප්‍රිත්වි ෂෝව් ලකුණු 66ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මුම්බායි වෙනුවෙන් ජෙරල්ඩ් කොට්සි සිය පන්දුවාර 04 තුළදී ලකුණු 34කට කඩුලු 04ක් දවාගත්තා.

ඊට අමතරව ජස්ප්‍රිත් බුම්රා ලකුණු 22කට කඩුලු 02ක් දවාගනිමින් මුම්බායි ජයග්‍රහණය පහසු කළා.

ඒ, අනුව මෙම තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 29ක ජයක් හිමි වූ අතර, මෙම ජයත් සමඟ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 08 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔවුන් සමත් වුණා.

කෙසේ වෙතත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට සිදුව වුණේ එහි අවසන් ස්ථානය දක්වා පසුබැසීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?