ලොරියක වන අලියෙක් ගැටී දෙදෙනෙක් එළොව යද්දී හතරක් රෝහලට

මාතලේ ,නාවුල, නව මොරගහකන්ද මාර්ගයේ වදුරුමුල්ල ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ ලොරියක වන අලියෙක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ තවත් පුදගලයින් සිව් දෙනෙකු මාතලේ සහ අඹන රෝහලට ඇතුලත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඊයේ (05) දින අලුයම 01 ට පමන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

ධාවනය වෙමින් තිබූ ලොරි රථයක මෙලෙස වන අලියා ගැටීමෙන් පසු ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තුවාල ලැබූ තවත් පුදගලයින් සිව් දෙනෙකු මාතලේ සහා අඹන රෝහල්වලට ඇතුලත් කෙරුනා.

ක්‍රියා විරහිත වූ කොල මඩින යන්ත්‍රයක් සදහා අවශ්‍ය අලුත්වැඩියා උපකරන රැගෙන ආපසු එන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ නාවල නිකදළුපොත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි දිනුක නුවන් සහ 27 හැවිරිදි ජනන්ජය නවරත්න නම් අයයි.

මේ අතර ලොරි රථය ධාවනය කල පුදගලයා අනතුර සිදුවීමෙන් පසු පලා ගොස් ඇති අතර සැකකරු සොයා පොලිසිය විමර්ශන කටයුතු, මේ වන විට ආරම්භ කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14