spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොරියක වන අලියෙක් ගැටී දෙදෙනෙක් එළොව යද්දී හතරක් රෝහලට

මාතලේ ,නාවුල, නව මොරගහකන්ද මාර්ගයේ වදුරුමුල්ල ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ ලොරියක වන අලියෙක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ තවත් පුදගලයින් සිව් දෙනෙකු මාතලේ සහ අඹන රෝහලට ඇතුලත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඊයේ (05) දින අලුයම 01 ට පමන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

ධාවනය වෙමින් තිබූ ලොරි රථයක මෙලෙස වන අලියා ගැටීමෙන් පසු ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තුවාල ලැබූ තවත් පුදගලයින් සිව් දෙනෙකු මාතලේ සහා අඹන රෝහල්වලට ඇතුලත් කෙරුනා.

ක්‍රියා විරහිත වූ කොල මඩින යන්ත්‍රයක් සදහා අවශ්‍ය අලුත්වැඩියා උපකරන රැගෙන ආපසු එන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ නාවල නිකදළුපොත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි දිනුක නුවන් සහ 27 හැවිරිදි ජනන්ජය නවරත්න නම් අයයි.

මේ අතර ලොරි රථය ධාවනය කල පුදගලයා අනතුර සිදුවීමෙන් පසු පලා ගොස් ඇති අතර සැකකරු සොයා පොලිසිය විමර්ශන කටයුතු, මේ වන විට ආරම්භ කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?