සිව් මසක් තිස්සේ අතුරුදන් තරුණයෙකු සොයා පුළුල් විමර්ශන

හැටන් නගරයේ පිහිටි බස් නැවතුම්පොලේ ආහාර පාන අලෙවි කරමින් සිටි තම 21 හැවිරිදි වැඩිමහල් පුතා මාස 04ක් තිස්සේ අතුරුදහන් වි ඇති බව එම තරුණයාගේ පියා විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඔහු එහිදී සදහන් කර ඇත්තේ තම වෙලදාම් කටයුතු වලට උපකාර කිරිමට යන බව නිවසට පවසා පිටව ගොස් ඇති වැඩිමහල් පුත්‍රයා මෙතෙක් ආපසු නිවසට නොපැමිණි බවයි.

තමන් හැටන් බස් නැවතුම්පොලේ වඩේ ඇතුළු සුළු ආහාර අලෙවි කරමින් ජිවන උපාය සිදුකරගෙන යන බවත් තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත් ඔහු පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියට පසුගිය වසරේ දෙසැම්බර් මස 15වන දා පැමිණිල්ලක් සිදුකළ බවයි අතුරුදහන් වු තරුණයාගේ පියා කියා සිටින්නේ.

තම පුතාගේ අතුරුදහන් විම සම්බන්ධයෙන් හැටන් පොලිසිය සිදු කරන විමර්ෂණ වලට අමතරව තමන්ද තම දරුවා සොයා ඥාතින්ගේ නිවාස වලට ගිය බවත්, තම දරුවා පිලිබදව කිසිදු තොරතුරක් මේ වන තෙක් නොලැබිම සම්බන්ධයෙන් තමන් ඇතුළු පවුලේ ඥාතින් දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි එම පියා තවදුරටත් සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේනගෙන් අප කල විමසුමකදී ඔහු කියා සිටියේ එම තරුණයාව සොයා ගැනිම සදහා මේ වන විටත් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එම තරුණයා පිලිබදව තොරතුරක් දන්නේ නම් හැටන් පොලිසියේ 071 8591117, 051 2222222 , 051 2222520 යන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12