සිව් මසක් තිස්සේ අතුරුදන් තරුණයෙකු සොයා පුළුල් විමර්ශන

හැටන් නගරයේ පිහිටි බස් නැවතුම්පොලේ ආහාර පාන අලෙවි කරමින් සිටි තම 21 හැවිරිදි වැඩිමහල් පුතා මාස 04ක් තිස්සේ අතුරුදහන් වි ඇති බව එම තරුණයාගේ පියා විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඔහු එහිදී සදහන් කර ඇත්තේ තම වෙලදාම් කටයුතු වලට උපකාර කිරිමට යන බව නිවසට පවසා පිටව ගොස් ඇති වැඩිමහල් පුත්‍රයා මෙතෙක් ආපසු නිවසට නොපැමිණි බවයි.

තමන් හැටන් බස් නැවතුම්පොලේ වඩේ ඇතුළු සුළු ආහාර අලෙවි කරමින් ජිවන උපාය සිදුකරගෙන යන බවත් තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත් ඔහු පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියට පසුගිය වසරේ දෙසැම්බර් මස 15වන දා පැමිණිල්ලක් සිදුකළ බවයි අතුරුදහන් වු තරුණයාගේ පියා කියා සිටින්නේ.

තම පුතාගේ අතුරුදහන් විම සම්බන්ධයෙන් හැටන් පොලිසිය සිදු කරන විමර්ෂණ වලට අමතරව තමන්ද තම දරුවා සොයා ඥාතින්ගේ නිවාස වලට ගිය බවත්, තම දරුවා පිලිබදව කිසිදු තොරතුරක් මේ වන තෙක් නොලැබිම සම්බන්ධයෙන් තමන් ඇතුළු පවුලේ ඥාතින් දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි එම පියා තවදුරටත් සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේනගෙන් අප කල විමසුමකදී ඔහු කියා සිටියේ එම තරුණයාව සොයා ගැනිම සදහා මේ වන විටත් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එම තරුණයා පිලිබදව තොරතුරක් දන්නේ නම් හැටන් පොලිසියේ 071 8591117, 051 2222222 , 051 2222520 යන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14