සජබය විවාදයකට කළ අභියෝගය මාලිමාවේ ආර්ථික කවුන්සිලයට භාර දෙයි

ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගය කරන ලද අභියෝගය ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද භාරගනු ලැබුවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කළේ ඉදිරියේ පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බැවින් අදාළ විවාදය පක්ෂ දෙකේ නායකයින් අතර පැවැත්වීම වඩාත් සුදුසු බවයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර එම විවාදය සඳහා පහසුකම් සැපයීමට දසත නිව්ස් අප සූදානම්.

රටේ ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳ විවාදයකට එන ලෙස සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ නලීන් බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදී ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝග කරනු ලැබුවා.

ඔවුන් යෝජනා කළේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජිකයින් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් සමග ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට විවාදයකට පැමිණෙන ලෙසයි.

මේ අතර, අදාළ ආර්ථික කරුණු සම්බන්ධ විවාදයේ අභියෝගය භාරගත් ජාතික ජන බලවේගය යෝජනා කළේ, අදාළ විවාදයට පක්ෂ දෙකේ නායකයින් සහභාගී වීම වඩාත් යෝග්‍ය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14