spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජබය විවාදයකට කළ අභියෝගය මාලිමාවේ ආර්ථික කවුන්සිලයට භාර දෙයි

ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගය කරන ලද අභියෝගය ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද භාරගනු ලැබුවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කළේ ඉදිරියේ පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බැවින් අදාළ විවාදය පක්ෂ දෙකේ නායකයින් අතර පැවැත්වීම වඩාත් සුදුසු බවයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර එම විවාදය සඳහා පහසුකම් සැපයීමට දසත නිව්ස් අප සූදානම්.

රටේ ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳ විවාදයකට එන ලෙස සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ නලීන් බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදී ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝග කරනු ලැබුවා.

ඔවුන් යෝජනා කළේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජිකයින් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් සමග ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට විවාදයකට පැමිණෙන ලෙසයි.

මේ අතර, අදාළ ආර්ථික කරුණු සම්බන්ධ විවාදයේ අභියෝගය භාරගත් ජාතික ජන බලවේගය යෝජනා කළේ, අදාළ විවාදයට පක්ෂ දෙකේ නායකයින් සහභාගී වීම වඩාත් යෝග්‍ය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?