සුරාබදු දෙපාර්තමේන්තුවේ කැබ් රථයකින් ගංජා ඇද්ද 8ක් අත්අඩංගුවට

සුරාබදු දෙපාර්තමේන්තුවේ කැබ් රථයක් යොදා ගනිමින් කේරල ගංජා ජාවාරමේ නිරත වූ එහි නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණා.

සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කරන බවට ලද බුද්ධි තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (01) දින හලාවත ප්‍රදේශයේදී වැටලීමක් කර තිබෙනවා.

කැබ් රථය පරික්ෂා කිරීමේ දී එහි තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 45ක් සොයා ගැනීමට හැකි වුණා.

එහිදී කැබ් රථයේ සිටි සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත පරීක්ෂකවරයෙක්, සුරාබදු සැරයන්වරයෙක්, සුරාබදු රියැදුරෙකු සහ සහායකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් කේරල ගංජා මිලදී ගත් සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා.

අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් කොළඹ ප්‍රදේශයේ පිහිටි සුරාබදු කාර්යාලයකට අනුයුක්තව රාජකාරීයේ නිරත වූවන් වනවා.

අනෙක් සැකකරුවන් මීගමුව සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් කලක් තිස්සේ කේරල ගංජා ජාවාරමේ යෙදී ඇති බව දැනට කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01