spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුරාබදු දෙපාර්තමේන්තුවේ කැබ් රථයකින් ගංජා ඇද්ද 8ක් අත්අඩංගුවට

සුරාබදු දෙපාර්තමේන්තුවේ කැබ් රථයක් යොදා ගනිමින් කේරල ගංජා ජාවාරමේ නිරත වූ එහි නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණා.

සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කරන බවට ලද බුද්ධි තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (01) දින හලාවත ප්‍රදේශයේදී වැටලීමක් කර තිබෙනවා.

කැබ් රථය පරික්ෂා කිරීමේ දී එහි තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 45ක් සොයා ගැනීමට හැකි වුණා.

එහිදී කැබ් රථයේ සිටි සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත පරීක්ෂකවරයෙක්, සුරාබදු සැරයන්වරයෙක්, සුරාබදු රියැදුරෙකු සහ සහායකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් කේරල ගංජා මිලදී ගත් සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා.

අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් කොළඹ ප්‍රදේශයේ පිහිටි සුරාබදු කාර්යාලයකට අනුයුක්තව රාජකාරීයේ නිරත වූවන් වනවා.

අනෙක් සැකකරුවන් මීගමුව සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් කලක් තිස්සේ කේරල ගංජා ජාවාරමේ යෙදී ඇති බව දැනට කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?