ලංවිම ඉංජිනේරු සංගමයෙන් ජනාධිපතිට සහ අගමැතිට විශේෂ ලිපියක්

අද (01) දිනයේ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව කියන විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත, රහසිගතව සහ බලශක්ති ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ උපදෙස් නොමැතිව සකසන ලද්දක් බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය චෝදනා කරනවා.

ඒ, ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපියක් යොමුකරමින්.

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් උපදේශන ක්‍රියාවලියක් සංවිධානය කිරීමට මැදිහත්වන ලෙස ඉල්ලමින්නුයි විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත මෙම ලිපිය යොමුකර ඇත්තේ.

එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා සඳහා කැබිනට් අනුකමිටුවක් පත්කරන ලෙසත් ක්ෂේත්‍රයේ සියලුම ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීම ඒ් සඳහා සහතික කරන ලෙසත් සිය ලිපිය මගින් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

පසුගිය දෙසැම්බරයේ දී ඉදිරිපත් වූ ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මුල් කෙටුම්පතට සති තුනක් තුළ ඉදිරිපත් වූ විරෝධතා සහ හඳුනාගත් දෝෂ පිළිබඳ සිහිපත් කරන ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ මාස දෙකකට පසුව නැවත සිදුවෙන්නේ ද එම දෝෂ සහගත මුල් ක්‍රියාවලියම බවයි.

ප්‍රතිපත්තිමය නොගැලපීම, අධික විදුලි පිරිවැය, නියාමකයාගේ ස්වාධීනත්වය දිගුකාලීනව ක්‍රියාත්මක නොකිරීම වැනි ප්‍රධාන ගැටලු ඇතුළුව විදුලිබල ක්ෂේත්‍රයේ සෑම ගැටලුවක්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පමණක් විසඳිය නොහැකි බව විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29