spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංවිම ඉංජිනේරු සංගමයෙන් ජනාධිපතිට සහ අගමැතිට විශේෂ ලිපියක්

අද (01) දිනයේ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව කියන විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත, රහසිගතව සහ බලශක්ති ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ උපදෙස් නොමැතිව සකසන ලද්දක් බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය චෝදනා කරනවා.

ඒ, ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපියක් යොමුකරමින්.

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් උපදේශන ක්‍රියාවලියක් සංවිධානය කිරීමට මැදිහත්වන ලෙස ඉල්ලමින්නුයි විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත මෙම ලිපිය යොමුකර ඇත්තේ.

එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා සඳහා කැබිනට් අනුකමිටුවක් පත්කරන ලෙසත් ක්ෂේත්‍රයේ සියලුම ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීම ඒ් සඳහා සහතික කරන ලෙසත් සිය ලිපිය මගින් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

පසුගිය දෙසැම්බරයේ දී ඉදිරිපත් වූ ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මුල් කෙටුම්පතට සති තුනක් තුළ ඉදිරිපත් වූ විරෝධතා සහ හඳුනාගත් දෝෂ පිළිබඳ සිහිපත් කරන ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ මාස දෙකකට පසුව නැවත සිදුවෙන්නේ ද එම දෝෂ සහගත මුල් ක්‍රියාවලියම බවයි.

ප්‍රතිපත්තිමය නොගැලපීම, අධික විදුලි පිරිවැය, නියාමකයාගේ ස්වාධීනත්වය දිගුකාලීනව ක්‍රියාත්මක නොකිරීම වැනි ප්‍රධාන ගැටලු ඇතුළුව විදුලිබල ක්ෂේත්‍රයේ සෑම ගැටලුවක්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පමණක් විසඳිය නොහැකි බව විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?