උත්සව සමයේ කුකුළු මස් මිල කූඨ ලෙස ඉහළ නැංවීමේ සූදානමක්

උත්සව සමය ඉලක්ක කරගනිමින් වෙළඳුන් කුකුළු මස් මිල කූඨ ලෙස ඉහළ නැංවීමට කටයුතු කර ඇතැයි ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරනවා.

සම සහිත ශීත කළ කුකුළු මස් කිලෝග්‍රෑමයක් මේ වනවිට රුපියල් 1000 – 1200ත් අතර මිලකට වෙළෙඳපොළේ අලෙවි වනවා.

ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගෙන් සංගමයේ සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ උත්සව සමයේ දී ඇතිවන දැඩි ඉල්ලුම හමුවේ වෙළෙඳපොළේ කුකුළු මස් හිඟයක් ඇති වීම වැළැක්වීම සඳහා බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කරන බවයි.

මේ අතර උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලද සහනදායී මට්ටමකට ගෙන ඒමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

ඉදිරි කාලය තුළ දේශීය කුකුළු බිත්තරයක මිල රුපියල් 35කට වඩා අඩුවීමට ඉඩ ඇතැයි මහින්ද අමරවීර පවසනවා.

අවුරුදු සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙදපොළට සැපයීමට පියවර ගන්නා බවත්, අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරා පෙන්වා දෙනවා.

මේ අතර, දේශීය බිත්තරයක් මේ වනවිට රුපියල් 40ත්, 45ත් අතර මිලකට අලෙවිවන අතර, ඒ හේතුවෙන් දේශීය බිත්තර මිලදී ගැනීමට පෙළෙඹෙන ලෙස බිත්තිර නිෂ්පාදකයින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01