spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උත්සව සමයේ කුකුළු මස් මිල කූඨ ලෙස ඉහළ නැංවීමේ සූදානමක්

උත්සව සමය ඉලක්ක කරගනිමින් වෙළඳුන් කුකුළු මස් මිල කූඨ ලෙස ඉහළ නැංවීමට කටයුතු කර ඇතැයි ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරනවා.

සම සහිත ශීත කළ කුකුළු මස් කිලෝග්‍රෑමයක් මේ වනවිට රුපියල් 1000 – 1200ත් අතර මිලකට වෙළෙඳපොළේ අලෙවි වනවා.

ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගෙන් සංගමයේ සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ උත්සව සමයේ දී ඇතිවන දැඩි ඉල්ලුම හමුවේ වෙළෙඳපොළේ කුකුළු මස් හිඟයක් ඇති වීම වැළැක්වීම සඳහා බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කරන බවයි.

මේ අතර උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලද සහනදායී මට්ටමකට ගෙන ඒමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

ඉදිරි කාලය තුළ දේශීය කුකුළු බිත්තරයක මිල රුපියල් 35කට වඩා අඩුවීමට ඉඩ ඇතැයි මහින්ද අමරවීර පවසනවා.

අවුරුදු සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙදපොළට සැපයීමට පියවර ගන්නා බවත්, අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරා පෙන්වා දෙනවා.

මේ අතර, දේශීය බිත්තරයක් මේ වනවිට රුපියල් 40ත්, 45ත් අතර මිලකට අලෙවිවන අතර, ඒ හේතුවෙන් දේශීය බිත්තර මිලදී ගැනීමට පෙළෙඹෙන ලෙස බිත්තිර නිෂ්පාදකයින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?