විවාහක රූ රැජිණ කිරුළ අහිමි වූ පුෂ්පිකාගේ සැමියා කියන කතාව

ශ්‍රී ලංකා රූ රැජිණ හෝ විවාහක රූ රැජිණ තරඟයට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීම ඕනෑම නිරූපිකාවකගේ හීනයක්. පුෂ්පිකා ද සිල්වා කියන්නේ ඒ විදිහට ශ්‍රී ලංකාවේ රූ රැජින වූ රුවැත්තියක්, ඇය ඊයේ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයටත් සම්බන්ධ වුණා. 

ඉන් ජයග්‍රහණය කර ඔටුන්න හිමි කරගැනීමට වරම් හිමි කරගත්තා. කෙසේ නමුත් ඇයට එම කිරුළ හිස දරා සිටීමට හැකි වුයේ විනාඩි ගණනාවක් පමණයි . ආරාධිත අමුත්තන් විවාහක රූ රැජිනියන්ට කිරුළු පළදා වේදිකාවෙන් නික්ම ගිය පසු වේදිකාවට ගොඩ වන හිටපු විවාහක රූ රැජිණවන කැරොලින් ජූරී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසන්නේ කිරුළු පළන් රූ රැජිණ ඒ සඳහා සුදුසු නැති බවයි ඊට හේතුව ලෙස ඈ පවසන්නේ තරඟාවලියේ නීති රීති අනුව ඊට එක්වන සෑම තරගකාරියක්ම විවාහක විය යුතු අතර දික්කසාදය වුවන් නොවිය යුතු බවයි , ඉන් අනතුරුව විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනි ස්ථානය දිනාගත් රුවත්තියගේ හිස පළදන්නේ අවසන් තරඟය නැරඹීමට පැමිණි සියල්ලන් මවිත කරමින්.

මෙම සිදු වීම් මාලාව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබන පුෂ්පිකා ද සිල්වාගේ සැමියා වන තිලංක දාබරේරා සඳහන් කරන්නේ, තමා සහ පුෂ්පිකා අතර වසර 4ක පමණ කාලයක පටන් කිසිදු සම්බන්ධයක් නොමැති බැවින්, මේ පිළිබඳව තමන්ගෙන් නොවිමසන ලෙසටයි.

තම දරුවාගේ මව ලෙස ඇය පිළිගන්නා නමුත්, ඊට අමතරව ඇය සමඟ කිසිදු සම්බන්ධයක් නැති බවත් ඔහු එම සටහනේ සඳහන් කරනවා.

එමෙන්ම, මේ වනවිට පුෂ්පිකාගෙන් නීත්‍යානුකූලව වෙන්වීම සඳහා කටයුතු කර ඇති බවත්, මේ වනවිට එම නීති ක්‍රියාමර්ගය අවසන් අදියරයේ පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත්, පුෂ්පිකා හට යළිත් කිරුළ ලබාදීමට කටයුතු කර ඇති බව ද, මෙම තරගාවලියේ සංවිධායකවරුන් ප්‍රකාශ කළා.

පෙර පුවත – විවාහක රූ රැජිණ තරගය බාල්දු කරමින් තරගයේ සිදු වු වරද

අහිමි කළ ‘විවාහක රූ රැජිණ කිරුළ’ යළිත් පුෂ්පිකාට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:23
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්න
02:24
Video thumbnail
ප්‍රා.මහ ලේකම් කාර්යාලය වටලපු වතු කම්කරුවන් - වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
06:48
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25