දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකා කාන්තාවන්ට විශිෂ්ඨ ජයක්

සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයගෙන් කඩුළු 07ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තා.

එහිදී Anneke Bosch පන්දු 32කින් ලකුණු 50ක් රැස් කළා.

පන්දු යැවීමේදී අචිනි කුලසුරිය ලකුණු 26 කට කඩුළු 02ක් දවාගත් අතර ඉනෝශි ප්‍රියදර්ශනී ,නායිකා චමරි අතපත්තු සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවා ගැනීමටයි සමත්වුණේ.

ඉන් අනතුරුව ලකුණු 138ක ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ පසු කළා.

එහිදී විශ්මි ගුණරත්න පන්දු 57කින් ලකුණු 65 ක් සහ කවීෂා දිල්හාරි පන්දු 28කින් වේගවත් ලකණු 45 ක් නොදැවී ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

තරගයේ වීරවරිය සම්මානය පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ කවීෂා දිල්හාරිට හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48