spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකා කාන්තාවන්ට විශිෂ්ඨ ජයක්

සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයගෙන් කඩුළු 07ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තා.

එහිදී Anneke Bosch පන්දු 32කින් ලකුණු 50ක් රැස් කළා.

පන්දු යැවීමේදී අචිනි කුලසුරිය ලකුණු 26 කට කඩුළු 02ක් දවාගත් අතර ඉනෝශි ප්‍රියදර්ශනී ,නායිකා චමරි අතපත්තු සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවා ගැනීමටයි සමත්වුණේ.

ඉන් අනතුරුව ලකුණු 138ක ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ පසු කළා.

එහිදී විශ්මි ගුණරත්න පන්දු 57කින් ලකුණු 65 ක් සහ කවීෂා දිල්හාරි පන්දු 28කින් වේගවත් ලකණු 45 ක් නොදැවී ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

තරගයේ වීරවරිය සම්මානය පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ කවීෂා දිල්හාරිට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
10
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?