මාර්තු මාසයේදී උද්ධමනය 0.09%ක පහත වැටීමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට සමස්ත උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

කෙසේ වුවද පෙබරවාරි මාසයේ සියයට 3.5ක අගයෙහි පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය 3.8% ක් දක්වා ඉහළගොස් ඇති බවයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ දත්ත මගින් පෙන්වා දෙන්නේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේදී සියයට 0.9 දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

මෙය 2024 පෙබරවාරි මාසයේ වාර්තා වූයේ සියයට 5.9ක් ලෙසටයි.

ආහාර නොවන කාණ්ඩය 2024 පෙබරවාරි මාසයේ වාර්තා කළ සියයට 7.0ක වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට සාපේක්ෂව 2024 මාර්තු මාසයේදී සියයට 0.5ක අවධමනයක් වාර්තා කරනවා.

එමෙන්ම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2024 පෙබරවාරි මාසයේ සියයට 3.5ක්ව පැවති ආහාර උද්ධමනය 2024 මාර්තු මාසයේ දී සියයට 3.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.66ක මිල පහළ යෑම් සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තාවූ සියයට 1.28ක මිල පහළ යෑම් හේතුවෙන් 2024 මාර්තු මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස දැක්වුනේ සියයට -1.94ක් ලෙසටයි.

ඇතැම් අවස්ථාවන්හීදී යම් විචලනයන් සිදුවිය හැකි වුවද, සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, ඉදිරි කාල සීමාව තුළ දී උද්ධමනය ඉලක්කගත මට්ටමට ළඟා වී, මැදිකාලීන උද්ධමන ඉලක්කය ආසන්නයේ පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39