spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාර්තු මාසයේදී උද්ධමනය 0.09%ක පහත වැටීමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට සමස්ත උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

කෙසේ වුවද පෙබරවාරි මාසයේ සියයට 3.5ක අගයෙහි පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය 3.8% ක් දක්වා ඉහළගොස් ඇති බවයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ දත්ත මගින් පෙන්වා දෙන්නේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේදී සියයට 0.9 දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

මෙය 2024 පෙබරවාරි මාසයේ වාර්තා වූයේ සියයට 5.9ක් ලෙසටයි.

ආහාර නොවන කාණ්ඩය 2024 පෙබරවාරි මාසයේ වාර්තා කළ සියයට 7.0ක වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට සාපේක්ෂව 2024 මාර්තු මාසයේදී සියයට 0.5ක අවධමනයක් වාර්තා කරනවා.

එමෙන්ම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2024 පෙබරවාරි මාසයේ සියයට 3.5ක්ව පැවති ආහාර උද්ධමනය 2024 මාර්තු මාසයේ දී සියයට 3.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.66ක මිල පහළ යෑම් සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තාවූ සියයට 1.28ක මිල පහළ යෑම් හේතුවෙන් 2024 මාර්තු මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස දැක්වුනේ සියයට -1.94ක් ලෙසටයි.

ඇතැම් අවස්ථාවන්හීදී යම් විචලනයන් සිදුවිය හැකි වුවද, සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, ඉදිරි කාල සීමාව තුළ දී උද්ධමනය ඉලක්කගත මට්ටමට ළඟා වී, මැදිකාලීන උද්ධමන ඉලක්කය ආසන්නයේ පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?