පාලන ක්‍රමයේ ප්‍රබල වෙනසක් අවශ්‍ය බවට කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

ජනතාව මුහුණ‌ දෙන දුෂ්කරතා සඳහා විසඳුම් සෙවීමට වර්තමාන පාලන ක්‍රමයේ ප්‍රබල වෙනසක් අවශ්‍ය බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම නිවේදනය මගින් වැඩිදුරටත් සදහන් කරන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වසර 05ක් ගත වී ඇතත් මෙතෙක් යුක්තිය ඉටු වී නොමැති බවයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව මෙවර පාස්කු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙවර පාස්කු මංගල්‍ය සමරන්නේ සමාජීය ආර්ථික සහ දේශපාලන වශයෙන් තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටින අවස්ථාවක
බවයි.

ජනතාව මුහුණදෙමින් සිටින දැඩි දුෂ්කරතා සඳහා තිරසර විසඳුම් සෙවීමට නම් අපගේ පාලන ක්‍රමය ප්‍රබල වෙනසක් අවශ්‍ය වන බව පෙන්වා දෙන රදගුරු සමුලුව ඒ සඳහා ක්‍රියා කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් බව පෙන්වා දෙනවා.

අප මාතෘ භූමිය මින් පෙර කිසි කලෙක මෙවැනි දුෂ්කර තත්ත්වයක් අත්දැක නැතැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

වසර 5කට පෙර එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස සිටින්නාවු අය පිළිබඳ විමර්ශණය කිරිමට රජය විසින් විවිධ කමිටු පත් කළද එයින් සත්‍ය හෙළිවී නැතැයි කතෝලික රදගුරු සමුළුව පවසනවා.

යුක්තිය පිළිබඳව ජනතාවගේ නීත්‍යානුකූල බලාපොරොත්තු ඉටුවන පරිදි සැබෑ වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව රටේ නායකයින්ගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
4
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52