spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාලන ක්‍රමයේ ප්‍රබල වෙනසක් අවශ්‍ය බවට කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

ජනතාව මුහුණ‌ දෙන දුෂ්කරතා සඳහා විසඳුම් සෙවීමට වර්තමාන පාලන ක්‍රමයේ ප්‍රබල වෙනසක් අවශ්‍ය බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම නිවේදනය මගින් වැඩිදුරටත් සදහන් කරන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වසර 05ක් ගත වී ඇතත් මෙතෙක් යුක්තිය ඉටු වී නොමැති බවයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව මෙවර පාස්කු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙවර පාස්කු මංගල්‍ය සමරන්නේ සමාජීය ආර්ථික සහ දේශපාලන වශයෙන් තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටින අවස්ථාවක
බවයි.

ජනතාව මුහුණදෙමින් සිටින දැඩි දුෂ්කරතා සඳහා තිරසර විසඳුම් සෙවීමට නම් අපගේ පාලන ක්‍රමය ප්‍රබල වෙනසක් අවශ්‍ය වන බව පෙන්වා දෙන රදගුරු සමුලුව ඒ සඳහා ක්‍රියා කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් බව පෙන්වා දෙනවා.

අප මාතෘ භූමිය මින් පෙර කිසි කලෙක මෙවැනි දුෂ්කර තත්ත්වයක් අත්දැක නැතැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

වසර 5කට පෙර එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස සිටින්නාවු අය පිළිබඳ විමර්ශණය කිරිමට රජය විසින් විවිධ කමිටු පත් කළද එයින් සත්‍ය හෙළිවී නැතැයි කතෝලික රදගුරු සමුළුව පවසනවා.

යුක්තිය පිළිබඳව ජනතාවගේ නීත්‍යානුකූල බලාපොරොත්තු ඉටුවන පරිදි සැබෑ වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව රටේ නායකයින්ගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?