අවාසනාවන්ත ලෙස දිවි අහිමි වුණු සිසුන් සිව්දෙනාගේ මරණ පරීක්ෂණය අද

අලව්ව, වලකුඹුර ප්‍රදේශයේ මා ඔයේ දිය නෑමට ගොස් මිය ගිය පාසල් සිසුන් සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) දින පැවැත්වෙනවා.

14 හැවිරිදි වියේ පසුවන මෙම පාසල් සිසුන් ජීවිතක්ෂයට පත් වුණේ ඊයේ (27) පස්වරුවේයි.

පාසල් දරුවන් 11 දෙනෙක් ඊයේ (27) පස්වරුවේ මා ඔයේ දිය නෑමට ගොස් තිබුණා.

ඔවුන් පාසල නිම වී මිතුරකුගේ නිවස බලා ගොස් අනතුරුව මා ඔයේ දිය නෑමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශාන්ත බර්නදෙත් විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් වන ඔවුන් අතුරින් දරුවන් 5 දෙනෙක් නිවෙස් වෙත පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් මව්පියන් හා ප්‍රදේශවාසීන් එක්ව කළ සොයා බැලීමේ දී දියේ ගිලී සිටි සිසුන් 5 දෙනා සොයා ගෙන තිබෙනවා.

එක් දරුවෙක් බේරා ගෙන රෝහල්ගත කිරීමට හැකි වුවත් අනෙක් සිව්දෙනා ඒ වනවිත් මියගොස් සිටියා.

ඔවුන් සියලු දෙනා අලව්ව සහා පොල්ගහවෙල යන ප්‍රදේශවල පදිංචි දරුවන් බවයි පොලිසිය පැවසුවේ.

රෝහල් ගත කළ සිසුවාගේ තත්ත්වය බරපතල නොවන අතර ඔහු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

මෘතදේහ මේ වන විට පොල්ගහවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

මීට පෙරද එම ස්ථානයේ දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14