spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවාසනාවන්ත ලෙස දිවි අහිමි වුණු සිසුන් සිව්දෙනාගේ මරණ පරීක්ෂණය අද

අලව්ව, වලකුඹුර ප්‍රදේශයේ මා ඔයේ දිය නෑමට ගොස් මිය ගිය පාසල් සිසුන් සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) දින පැවැත්වෙනවා.

14 හැවිරිදි වියේ පසුවන මෙම පාසල් සිසුන් ජීවිතක්ෂයට පත් වුණේ ඊයේ (27) පස්වරුවේයි.

පාසල් දරුවන් 11 දෙනෙක් ඊයේ (27) පස්වරුවේ මා ඔයේ දිය නෑමට ගොස් තිබුණා.

ඔවුන් පාසල නිම වී මිතුරකුගේ නිවස බලා ගොස් අනතුරුව මා ඔයේ දිය නෑමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශාන්ත බර්නදෙත් විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් වන ඔවුන් අතුරින් දරුවන් 5 දෙනෙක් නිවෙස් වෙත පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් මව්පියන් හා ප්‍රදේශවාසීන් එක්ව කළ සොයා බැලීමේ දී දියේ ගිලී සිටි සිසුන් 5 දෙනා සොයා ගෙන තිබෙනවා.

එක් දරුවෙක් බේරා ගෙන රෝහල්ගත කිරීමට හැකි වුවත් අනෙක් සිව්දෙනා ඒ වනවිත් මියගොස් සිටියා.

ඔවුන් සියලු දෙනා අලව්ව සහා පොල්ගහවෙල යන ප්‍රදේශවල පදිංචි දරුවන් බවයි පොලිසිය පැවසුවේ.

රෝහල් ගත කළ සිසුවාගේ තත්ත්වය බරපතල නොවන අතර ඔහු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

මෘතදේහ මේ වන විට පොල්ගහවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

මීට පෙරද එම ස්ථානයේ දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?