අපරාධයකට සැරසුණු 4ක් කඩු පොලු සමඟ අත්අඩංගුවට

කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා යමින් සිටි ත්‍රී රෝද රථ දෙකක් පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී නිල ඇඳුම් ඉරා දමා පලායාමට සූදානම් වූ පුද්ගලයින් සිව්දෙනෙකු කඩු පොලු සමඟ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 19, 27, 28 සහ 29 හැවිරිදි පුද්ගලයින් සිව්දෙනෙක්.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (26) රාත්‍රී අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ දී සැකකරුවන් හය දෙනෙකු පැමිණි ත්‍රී රෝද රථ දෙක නවතා පරීක්ෂා කිරීමට සූදානම් වීමේදී ඇතිවූ බහින් බස්වීමකින් පසු පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කර සිටියි.

පොලිස් නිලධාරීන්ට පහර දෙන අවස්ථාවේ අවට සිටි පිරිස් සැකකරුවන් සිව් දෙනෙකු අල්ලා පොලිසියට භාරදී ඇති බවත්, තවත් දෙදෙනෙකු පලා ගොස් ඇති බවත් සඳහන්.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහ බැගින් තිබී ඇති බවත් පැමිණි තීරෝද රථ දෙක පරීක්ෂා කිරීමේදී කඩු තුනක් සහ සුදු යකඩ පොල්ලක් තිබී හමුවී ඇති බවත් පොලිසිය කියා සිටියා.

අත්අඩංගුවට පත් එක් සැකකරුවෙක් කොස්ගොඩ පොලිසියේ මත්කුඩු ජාවාරම්කරුවෙකු බවත්, තවත් දෙදෙනෙකුට නඩු කිහිපයක් පවතින බවත් කොස්ගොඩ පොලිසිය විසින් සැකකරුවන් සොයමින් සිට ඇති බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

පහර කෑමට ලක් වූ එක් පොලිස් නිලධාරියෙක් මුහුණට සහ නාසයට සිදුවූ තුවාල සහිතව සීනවත්ත ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22