spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපරාධයකට සැරසුණු 4ක් කඩු පොලු සමඟ අත්අඩංගුවට

කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා යමින් සිටි ත්‍රී රෝද රථ දෙකක් පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී නිල ඇඳුම් ඉරා දමා පලායාමට සූදානම් වූ පුද්ගලයින් සිව්දෙනෙකු කඩු පොලු සමඟ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 19, 27, 28 සහ 29 හැවිරිදි පුද්ගලයින් සිව්දෙනෙක්.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (26) රාත්‍රී අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ දී සැකකරුවන් හය දෙනෙකු පැමිණි ත්‍රී රෝද රථ දෙක නවතා පරීක්ෂා කිරීමට සූදානම් වීමේදී ඇතිවූ බහින් බස්වීමකින් පසු පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කර සිටියි.

පොලිස් නිලධාරීන්ට පහර දෙන අවස්ථාවේ අවට සිටි පිරිස් සැකකරුවන් සිව් දෙනෙකු අල්ලා පොලිසියට භාරදී ඇති බවත්, තවත් දෙදෙනෙකු පලා ගොස් ඇති බවත් සඳහන්.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහ බැගින් තිබී ඇති බවත් පැමිණි තීරෝද රථ දෙක පරීක්ෂා කිරීමේදී කඩු තුනක් සහ සුදු යකඩ පොල්ලක් තිබී හමුවී ඇති බවත් පොලිසිය කියා සිටියා.

අත්අඩංගුවට පත් එක් සැකකරුවෙක් කොස්ගොඩ පොලිසියේ මත්කුඩු ජාවාරම්කරුවෙකු බවත්, තවත් දෙදෙනෙකුට නඩු කිහිපයක් පවතින බවත් කොස්ගොඩ පොලිසිය විසින් සැකකරුවන් සොයමින් සිට ඇති බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

පහර කෑමට ලක් වූ එක් පොලිස් නිලධාරියෙක් මුහුණට සහ නාසයට සිදුවූ තුවාල සහිතව සීනවත්ත ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?