අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ බංග්ලාදේශ සංචිතය නම්කෙරේ

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සඳහා වසරකට පමණ පසු තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් නම් කර තිබීම විශේෂත්වයක්.

ශකීබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේදීයි.

අනතුරුව ඔහු මුහුණදුන් අක්ෂි රෝගී තත්ත්වය නිසා ඔහුට ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවුණා.

ඔහු සංචිතයට කැඳවා ඇත්තේ තව්හිඩ් රිඩෝයි වෙනුවටයි.

රිඩෝයි පළමු ටෙස්ට් තරගය සඳහා වන සංචිතයට ඇතුළත්ව සිටියත් දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය සඳහා ඔහු ක්‍රීඩා කළේ නැහැ.

මේ අතර, ආබාධයකට ලක්ව සිටින මුස්ෆික් හසාන් වෙනුවට සංචිතයට හසාන් මහමුද් සංචිතයට ආදේශ කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 30 වැනිදා චිතගොං හිදී ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
93
+1
5
+1
2
+1
8
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?