කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතන තැතක් ගැන අනාවරණයක් ?

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත්වරයාව ඝාතනය කිරීමට T 81 ග්‍රෙෙන්ට් දුරවිදිනයක් යොදාගනිමින් නාඳුනන තුවක්කුකරුවෙකු එල්ල කරන ලද ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

ඔත්තුකරුවෙකු විසින් යොමුකරන ලද ලිපියකට අනුව මෙම ඝාතන උත්සායට අදාළ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව සඳහන්.

ඒ, අනුව මේ වන විටත් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මහේත්ත්‍රාත් තිළිණගමගේව ඝාතනය කිරීමට සූදානම්වන පුද්ගලයා ලෙස සැකකෙරෙන අයෙකු තවත් පුද්ගලයෙකුගෙන් ගිනි අවියක් ලබාගැනීමට උත්සාහ කර ඇති අතර, අදාළ ගිනි අවිය ඔහු ලබාගන්නේ මහේත්ත්‍රාත්වරයා ඝාතනය කිරීමට බව ද එම පුද්ගලයා සදහන් කර ඇති බව සඳහන්.

තිළිණ ගමගේ මහේත්ත්‍රාත්වරයා පසුගිය දිනවල ලබාදුන් අධිකරණ තීන්දු ඔහුව මෙලෙස ඝාතනය කිරීමට සලසුම් කිරීමට හේතු වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එවැනි ඝාතනයක් සිදු වුවහොත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා එක්ව ගෙන යන ‘යුක්තිය’ මෙහෙයුමට දැඩි පහරක් එල්ල කරමින් එම මෙහෙයුම අඩාල කිරීම අරමුණ වී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30