හදිසි මරණ පරීක්ෂකවරුන්ට විශේෂ පුහුණුවක්

මරණයක් සිදු වූ අවස්ථාවක සිදුකරනු ලබන ස්ථානීය පරීක්ෂණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ දැනුම පුළුල් කිරීම අරමුණු කර ගනිමින් ධාරිතා සංවර්ධන වැඩසටහනක් අනිද්දා (28) පැවැත්වෙනවා.

සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ අනුග්‍රහය යටතේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම පුහුණු වැඩමුළුව පවත්වනු ලබනවා.

වෙඩි තබාගැනීම හා වෙඩි වැදීම, වස විෂ ශරීරගත වීම සහ ශරීරගත කිරීම, පිපිරවීම් හා පුපුරවා ගැනීම් හා සාමාන්‍ය මරණ සම්බන්ධ ස්ථාන පරීක්ෂා කිරීම පිළිබඳ පුළුල් අවබෝධයක් මරණ පරීක්ෂකවරුන්ට ලබාදීම මෙම වැඩමුළුවේ අරමුණ බවයි සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන් ගේ සංගමයේ සභාපති අනුර හේරත් සඳහන් කළේ.

සැක සහිත නොවන ස්වභාවික මරණයක් සිදුවූ අවස්ථාවක ග්‍රාමනිලධාරිවරයාට මළ සිරුර නිදහස් කිරීමට හැකියාව තිබෙන නමුත්, මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන්නේ නම් පොලීසිය එය යොමු කරනු ලබන්නේ හදිසි මරණ
පරීක්ෂකවරයාට හෝ මහේස්ත්‍රාත්වරයාට යැයි සභාපතිවරයා සඳහන් කර සිටියා.

මරණය කිසියම් අපරාධයක ප්‍රතිපලයක් නිසා වූවක් බවට හැඟී ගියහොත් පොලීසිය පරීක්ෂණ මහේස්ත්‍රාත්වරයාට යොමු කරන බවත් එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන අවස්ථාවක පොලීසිය එය හදිසි මරණ පරීක්ෂක වෙත යොමු කරන බවත් කී සභාපතිවරයා මරණ පරීක්ෂකවරුන්ට මරණයක් හා සම්බන්ධ ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන්නේ කෙසේ ද යන්න පිළිබඳව පුළුල් අවබෝධයක් පැවැතීම රාජකාරි කටයුතු හොඳින් සිදුකිරීමට අත්‍යවශ්‍යය යැයි ද අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45
Video thumbnail
ජනපති අනුර නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..ගල් වැටි දාලා සාර්ථක වුණ තැනක් පෙන්වන්න මට..වැඩක් නෑනේ
04:46
Video thumbnail
සිංහල දෙමළ මුස්ලිම් කියලා පරිපාලන ව්‍යුහ ඕනි නෑ..රණ්ඩු වුණත් කමක් නෑ අපි එකඟතාවයෙන් කරමු
05:44
Video thumbnail
"අපිට ඕනි වෙන්දේසිකාර නායකයෝ නෙවෙයි"..හිමිනමක් පාලකයන් ගැන සැරටම කිව්ව කතාව
06:06