සීයයි අයියයි මාරුවෙන් මාරුවට අවුරුදු හතේ දැරියට හදිකරලා

වයස අවුරුදු 07ක දැරිවියකට ලිංගික අතවර කළ බව කියන දැරියගේ ඥාතීන් දෙදෙනෙක් ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 77ක සහ අවුරුදු 19ක පුද්ගලයින් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් දෙදෙනා ආණමඩුව, ආඩිගම, පරප්පන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් දැරියගේ මවගේ පියා වන අතර, අනෙක් සැකකරු දැරියගේ මවගේ සහෝදරියගේ දරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

බාල වයස්කාර දැරියකට ඇයගේ මව්පියන් නිවසේ නොමැති අවස්ථාවේ දී ලිංගික අතවර කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මිවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

තමන්ව වයස අවුරුදු 05ක පමණ කාලයේ සිට සැකකරුවන් දෙදෙනා වරින්වර අතවර කළ බව දැරිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් දෙදෙනා ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
13
+1
0
+1
4
+1
16
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?