මොස්කව් නුවර ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය හෙළාදකී

සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් ශාලාවේ පැවති සංගීත ප්‍රසංගයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එකහෙළා හෙළා දකින බව ශ්‍රී ලංකා රජය පවසනවා.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.

සිවිල් වැසියන්ට එරෙහි මෙවැනි නිවට ප්‍රචණ්ඩ ක්‍රියා පිළිකුල් සහගත වන අතර ශිෂ්ට සමාජය තුළ ඒවාට ඉඩක් නොතිබිය යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

ත්‍රස්තවාදය සියලු ආකාරවලින් පැහැදිලිවම හෙළා දැකිය යුතු අතර, මුලිනුපුටා දැමිය යුතු බවද ශ්‍රී ලංකා රජය පවසනවා.

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටන සඳහා ශ්‍රී ලංකාව සිය කැපවීම යළි තහවුරු කරන අතර, සාමයට සහ ආරක්ෂාවට ඇති මෙම බරපතල තර්ජනයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බව ද ශ්‍රී ලංකා රජය අදාළ නිවේදනය මඟින් දන්වා තිබෙනවා.

මොස්කව් නුවර ක්‍රොකස් ශාලාවට ඊයේ (22) රාත්‍රියේ ත්‍රස්ත කණ්ඩායමක් විසින් එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරයෙන් මේ වනවිට 93 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54