spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොස්කව් නුවර ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය හෙළාදකී

සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් ශාලාවේ පැවති සංගීත ප්‍රසංගයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එකහෙළා හෙළා දකින බව ශ්‍රී ලංකා රජය පවසනවා.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.

සිවිල් වැසියන්ට එරෙහි මෙවැනි නිවට ප්‍රචණ්ඩ ක්‍රියා පිළිකුල් සහගත වන අතර ශිෂ්ට සමාජය තුළ ඒවාට ඉඩක් නොතිබිය යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

ත්‍රස්තවාදය සියලු ආකාරවලින් පැහැදිලිවම හෙළා දැකිය යුතු අතර, මුලිනුපුටා දැමිය යුතු බවද ශ්‍රී ලංකා රජය පවසනවා.

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටන සඳහා ශ්‍රී ලංකාව සිය කැපවීම යළි තහවුරු කරන අතර, සාමයට සහ ආරක්ෂාවට ඇති මෙම බරපතල තර්ජනයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බව ද ශ්‍රී ලංකා රජය අදාළ නිවේදනය මඟින් දන්වා තිබෙනවා.

මොස්කව් නුවර ක්‍රොකස් ශාලාවට ඊයේ (22) රාත්‍රියේ ත්‍රස්ත කණ්ඩායමක් විසින් එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරයෙන් මේ වනවිට 93 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?