කඩා වැටුණු පොල් ගසට යට වී දෙදරු පියා ජීවිතක්ෂයට (ඡායාරූප)

හදිසියේ හමා ගිය සුළඟක් හේතුවෙන් කඩා වැටුණු පොල් ගසකට යට වී පුද්ගලයෙක් ඊයේ (22) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත, මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56ක දෙදරු පියෙක් බවයි වාර්තා වුණේ.

යාබද වත්තක තිබූ පොල් ගසක කොටසක් අදාළ පුද්ගලයා මතට මෙලෙස කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුර සිදුවූ අවස්ථාවේදීම ඔහුව වහාම හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

ජෙරී රොෂාන් පුෂ්පකුමාර නැමැති මෙම පුද්ගලයා ඉතාලියේ රැකියාවක් කර මෑතක දී මෙරටට පැමිණ ඇති අතර, ඔහුගේ බිරිද සහ දරුවන් මේ වන විටත් ඉතාලියේ ජීවත්වන බව සඳහන්.

පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණා.

04 1 scaled
03 2 scaled
01 1 2 scaled
02 3 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
17
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26