ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් ඊයේ දිනයේදී පවත්වනු ලැබූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූ බවට මේ වනවිට සමාජ මාධ්‍ය බොහොමයක් හරහා තොරතුරු හුවමාරු වෙනවා .
එහිදී පළමු දෙවන තෙවැන ස්ථාන සඳහා වූ ජයග්‍රහණයන් වෙනුවෙන් ශිරන්ති රජපක්ෂ මැතිනිය විසින් කිරුළු පලන්දනු ලැබුවා . ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි හදිසියේම වේදිකාවට පැමිණ පැවසුවේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි.
ඒ හේතුවෙන් පළමු වන ස්ථානයට හිමි කිරුළ පැළඳි නිරූපන ශිල්පිනී පුෂ්පිකා ද සිල්වාගේ හිස පැළඳි කිරුල වේදිකාව මතම බලහත්කාරයෙන් මෙන් කැරොලයින් විසින් ඉවත් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වනවා . අනතුරුව අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙනු ලබන්නේද කැරොලයින් විසිනි . ඉන් අපහසුතාවයට පත් පුෂ්පිකා වේදිකාවෙන් ඉවත්ව යනු ලබනවා .
ඇය මේ වන විට පොලිසියට පැමිණිල්ලක් ද දමා ඇත. මේ සම්බන්දව ඇය තම මුහුණු පොතේද සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

ආයුබෝවන්!
මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,
සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.
පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.
දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.
ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.
එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.
අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේ ත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එ සේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.
මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.
මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුල පැලඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.
ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.
“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!
පුෂ්පිකා ද සිල්වා
– කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ



















ඇය දික්කසාද නොවී ඇතිනම් කලින් රූ රැජින කල වැඩේ ඉතාම අසික්කිත හා ඉතාම පහත් අශෝබන ක්‍රියාවකි. කෙසේ නමුත් විනාඩි කිහිපයක් මත ඇයගේ කසාදය හා දික් කසාදය පිළිබද නියම තතු නොවිමසා ඇයගේ කිරුල ගලවා දාන්නට කලින් රු රැජිනට ඇති අයිතිය කුමක්ද? එසේ අය දික්කසාද තැනැත්තියක් නම් ඊට අදාල නිසි පරීක්ෂණයක් පවත්වා ඇය වරදකරුවකි වී නම් පමණකි ඇයගේ කිරුල ගලවා ඉවත් කල හැක්කේ. හිටපු රු රැජින තමාගේ සිමාවන් ඉක්මවා ඔලුව උදුම්මාගෙන නිතිය අතට ගෙන ක්‍රියාත්මක වුනු ආකාරයක් මෙතනදී පිළිබිඹු වේ. මා දන්නා තරමට නම් සන්විද්යක මඩුල්ලට හා ලෝක රු රැජින තරගයේ ලංකාවේ නියෝජිතයාට පමණි බලය තියෙන්නේ නිසි පරීක්ෂණයකින් පසු වැරදි කරු බව ඔප්පු වුවහොත් කිරුල ගලවා ඉවත් කිරීමට. එසේ නොමැතිව ගිය අව්රුද්දෙ රු රැජින වූ අය කව්ද කිරුල ගලවා ඉවත් කරන්න. මේ කර වරදට , අපහසට , අසික්කිත් ක්‍රියාවට හා පුෂ්පිකාට වුනු අවමානයට, හිත තැවුලට විරුද්ධව මිලියන් 1000 පමණ වන්දියක් ඉල්ලා නීතිමය පියවර ගන්න. ගැහැනියක් හැටියට ඇය හැසිරුණු විදිහ හරිම අශෝබන මෙන්ම පුෂ්පිකා ඒ මොහොතේ සියල්ල උපහාසයෙන් දරාගෙන වේදිකාවෙන් නික්ම ගිය ආකාරය ප්‍රශ්න්ෂනියයි. නමුත් පුෂ්පිකා නැවත වේදිකාව පැමිණ ඔබට තිබුනේ ඔබ දික්කසාද නොමැති බව පවසා එසේ නොවේ නම් එය ඔප්පු කරන ලෙස සියල්ල ඉදිරිය ඇයට අභියෝගයක් එල්ල කිරීමයි. මෙහි සිදුවීම හොඳින් නිරීක්ෂ්‍ය කිරීමේදී පෙනී යන්නේ හිටපු රු රජිනත් ඇය හා එක වුනු අනෙකුත් කාන්තාවන් දෙදෙනාත් දෙවන් තරග කාරියට කිරුල ලබා දීමේ පෙර සැලසුමක් පවතී බවය. එය ඉතා ශුක්ෂ්ම අයුරින් අවසාන මොහොතේ කාටවත් හිතා ගැනීමට නොහැකි අයුරින් කරන ලද බවය. ඒ පැමිණි එක කාන්තවක් අත දිගු කොට කෑ ගසමින් උදම් අන්න ආකාරයෙන් හා දෙවන් තරගකාරියට කිරුල ලබා දීමෙන් පසු ඇයවැ බදා ගෙන සිප වලද ගැනීමෙන් තම සතුට ප්‍රකාශ කල ආකාරයෙන මෙය කලින් සැලසුම් කරන ලද කුමන්ත්‍රණයක් බව පෙනේ. මේ නිසා මේ පිළිබඳව දැඩි පියවර ගත යුතු බව මගේ හැඟීමයි.
මට තේරුනේ ඒගොල්ලො අකමැති කෙනෙකුට කිරුල ගිය හින්ද … කිරුල ගලවල වෙන කෙනෙකුට දුන්න වගේ දෙයක් අනේ මන්ද ඇත්ත නැත්ත මම දන්නෙ නෑ … ඔය රූ රැජිනලගෙන් අපට ඇති වැඩේ මොකක්ද ? මුන් දින්න කියල අපිට කන්න අදින්න හම්බේන්නෙ නෑනෙ… අපි හම්බකලොත් අපි කනව ….
හොඳ අවංක බුද්ධිමත් ලස්සන කාන්තාවක් ඒ වගේ නිහතමානි ඔහොම කරන්න හොඳ නෑ පුෂ්පා ද සිල්වා කියන්නේ ලස්සනින් විතරක් නෙවෙයි හැදියාවෙන් උත් 1st class කාන්තාවක් 👉👍👧🙏🙏🙏😘😘😘 ඔබට ඔය කිරුළ ලැබිය යුතුමයි 👸👸👸👸👸❤️🔥👑️👑️👑️ අපි ගොඩක් ආදරෙයි ඔයාට ඔයා හොද කෙනෙක්
ඔබට කිරුළ ලැබෙනතුරු අපි ඔබ සමඟයි අවංක නිහතමානී අයට තැන දෙන්න ඕනේ නැත්නම් ඔය ලොකු ලොකු ඒවා ඔලුව තියන්න ඉන්න කට්ටියට නෙවෙයි ලොකුකම තියෙන ඉරිසියා වන්ත ඇයට නෙවි ඔහුගේ වර්තමාන ජීවිතය ඔහු සැබෑ මවක්
බුදු සරණයි අක්කේ 🙏🙏🙏👉😘i