ගැලවුණු ඔටුන්න ගැන පුෂ්පිකා මුහුණු පොතේ සටහන් කර තිබු සටහන මෙන්න

ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් ඊයේ දිනයේදී පවත්වනු ලැබූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූ බවට මේ වනවිට සමාජ මාධ්‍ය බොහොමයක් හරහා තොරතුරු හුවමාරු වෙනවා .

එහිදී පළමු දෙවන තෙවැන ස්ථාන සඳහා වූ ජයග්‍රහණයන් වෙනුවෙන් ශිරන්ති රජපක්ෂ මැතිනිය විසින් කිරුළු පලන්දනු ලැබුවා . ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි හදිසියේම වේදිකාවට පැමිණ පැවසුවේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි.

ඒ හේතුවෙන් පළමු වන ස්ථානයට හිමි කිරුළ පැළඳි නිරූපන ශිල්පිනී පුෂ්පිකා ද සිල්වාගේ හිස පැළඳි කිරුල වේදිකාව මතම බලහත්කාරයෙන් මෙන් කැරොලයින් විසින් ඉවත් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වනවා . අනතුරුව අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙනු ලබන්නේද කැරොලයින් විසිනි . ඉන් අපහසුතාවයට පත් පුෂ්පිකා වේදිකාවෙන් ඉවත්ව යනු ලබනවා .

ඇය මේ වන විට පොලිසියට පැමිණිල්ලක් ද දමා ඇත. මේ සම්බන්දව ඇය තම මුහුණු පොතේද සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

Capture

ආයුබෝවන්!

මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,

සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.

දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.

ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.

අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේ ත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එ සේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.

මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.

මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුල පැලඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.

ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.

“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!

පුෂ්පිකා ද සිල්වා

– කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ🙏

168372535 246200100522146 6720817711414759544 n
157547324 3671849372869228 2117267094044367971 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
162
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15