සිසු සැරිය බසය තුළ පාසල් දැරියකට අතවර කළ නාවික සෙබළා දැලේ

බස් රථයක් තුළ දී වයස අවුරුදු 13ක දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 39 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා නාවික හමුදා සෙබළෙක් බවයි මාවතගම පොලීසිය සදහන් කළේ.

අදාළ නාවික හමුදා සෙබළා ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගංගොඩපිටිය, කහපත්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (22) පස්වරුවේ පාසල අවසන් වී දැරිය සිසු සැරිය බස් රථයකින් නිවසට පැමිණෙමින් සිටිය දී තම දියණියට බස් රථය තුළදී කිසියම් අයෙකු විසින් අතවර කර ඇති බව දැරියගේ මව පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පසුගිය 16 වනදා නිවාඩු ලබා පැමිණ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (23) අදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මාවතගම පොලීසිය සඳහන් කළේ.

මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනයට පමණක් ඇති සිසු සැරිය බස් රථයක සාමාන්‍ය මගියෙකු ලෙස හමුදා සෙබළෙක් ගමන් කිරීම ගැටළු සහගත කරුණක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09