AFC Banner
Empty Ad
Empty Ad

සිසු සැරිය බසය තුළ පාසල් දැරියකට අතවර කළ නාවික සෙබළා දැලේ

බස් රථයක් තුළ දී වයස අවුරුදු 13ක දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 39 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා නාවික හමුදා සෙබළෙක් බවයි මාවතගම පොලීසිය සදහන් කළේ.

අදාළ නාවික හමුදා සෙබළා ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගංගොඩපිටිය, කහපත්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (22) පස්වරුවේ පාසල අවසන් වී දැරිය සිසු සැරිය බස් රථයකින් නිවසට පැමිණෙමින් සිටිය දී තම දියණියට බස් රථය තුළදී කිසියම් අයෙකු විසින් අතවර කර ඇති බව දැරියගේ මව පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පසුගිය 16 වනදා නිවාඩු ලබා පැමිණ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (23) අදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මාවතගම පොලීසිය සඳහන් කළේ.

මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනයට පමණක් ඇති සිසු සැරිය බස් රථයක සාමාන්‍ය මගියෙකු ලෙස හමුදා සෙබළෙක් ගමන් කිරීම ගැටළු සහගත කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
4
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?