ඖෂධ ගැටළුවලදී ඉදිරිපත් නොවීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධව ඇතිවන ගැටළුවලදී රජයේ නීතිඥයින් ලෙස තමන් පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අද (22)දින නිල වශයෙන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් ප්‍රසම්පාදනය සම්බන්ධව කටයුතු සම්බන්දව තමන් පෙනී නොසිටින බවයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.