ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙටින් ඇරඹෙයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙට (22)දින සිට ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන්නේ පසුගිය තරගාවලියේ ශුරතාවය හිමිකර ගත් චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් හෙට රාත්‍රී 08.00 ට ආරම්භ වනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන අයි.පී.එල් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 17වන වරටයි.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙම වසරේ ශ්‍රී ලංකාවේ නිල විකාශන අයිතිය සුප්‍රීම් ටීවී නාළිකාව හිමිකරගෙන තිබෙනවා.

ඒ, අනුව අඛණ්ඩව දෙවන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිකර ගැනීමට සුප්‍රීම් ටීවී නාළිකාව සමත්වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට 2024 අයි.පී.එල් තරගාවලිය සුපැහැදිලි දසුන් සුප්‍රීම් ටීවී තුළින් නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා.

සෑම තරඟයකම සජීවී විකාශනයට අමතරව, සුප්‍රීම් ටීවී විසින් රට පුරා සිටින ක්‍රිකට් රසිකයින් සඳහා නැවුම් අත්දැකීමක් විඳගැනීම සඳහා විශේෂ ක්‍රියාකාරකම් සහ අන්තර්ගතයන් රැසක් මේ වනවිටත් සූදානම් කරමින් සිටිනවා.

ඒ, අනුව දිවයින පුරා UHF 47න්, ඩයලොග් ටීවී නාළිකා අංක 20න්, පියෝ ටීවී නාළිකා අංක 16 සහ ෆ්‍රීසැට් නාළිකා අංක 07 ඔස්සේ සුපැහැදිලි දසුන් සමඟ සුප්‍රීම් ටීවී තුළින් මෙවර අයි.පී.එල් තරගාවලිය නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා.

දිනෙන් දින තියුණුවන තරගාවලියේ යාවත්කාලීනවීම් සුප්‍රීම් ටීවී සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සහ දසත නිවුස් ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දැකබලා ගැනීමට ද අවස්ථාව හිමිවීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?