ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙටින් ඇරඹෙයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙට (22)දින සිට ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන්නේ පසුගිය තරගාවලියේ ශුරතාවය හිමිකර ගත් චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් හෙට රාත්‍රී 08.00 ට ආරම්භ වනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන අයි.පී.එල් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 17වන වරටයි.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙම වසරේ ශ්‍රී ලංකාවේ නිල විකාශන අයිතිය සුප්‍රීම් ටීවී නාළිකාව හිමිකරගෙන තිබෙනවා.

ඒ, අනුව අඛණ්ඩව දෙවන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිකර ගැනීමට සුප්‍රීම් ටීවී නාළිකාව සමත්වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට 2024 අයි.පී.එල් තරගාවලිය සුපැහැදිලි දසුන් සුප්‍රීම් ටීවී තුළින් නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා.

සෑම තරඟයකම සජීවී විකාශනයට අමතරව, සුප්‍රීම් ටීවී විසින් රට පුරා සිටින ක්‍රිකට් රසිකයින් සඳහා නැවුම් අත්දැකීමක් විඳගැනීම සඳහා විශේෂ ක්‍රියාකාරකම් සහ අන්තර්ගතයන් රැසක් මේ වනවිටත් සූදානම් කරමින් සිටිනවා.

ඒ, අනුව දිවයින පුරා UHF 47න්, ඩයලොග් ටීවී නාළිකා අංක 20න්, පියෝ ටීවී නාළිකා අංක 16 සහ ෆ්‍රීසැට් නාළිකා අංක 07 ඔස්සේ සුපැහැදිලි දසුන් සමඟ සුප්‍රීම් ටීවී තුළින් මෙවර අයි.පී.එල් තරගාවලිය නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා.

දිනෙන් දින තියුණුවන තරගාවලියේ යාවත්කාලීනවීම් සුප්‍රීම් ටීවී සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සහ දසත නිවුස් ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දැකබලා ගැනීමට ද අවස්ථාව හිමිවීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12