ලොරියක ගැටීමෙන් දොළොස් හැවිරිදි සිසුවෙකු ජිවිතක්ෂයට (වීඩියෝ)

කැකිරාව ගනේවල්පොල ප්‍රධාන මාර්ගයේ ඇඹුල්ගස්වැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දොළොස් හැවිරිදි සිසුවෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලොන්නරුවේ සිට පුත්තලමට පොල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක ගැටීමෙන් අද (21)දින පස්වරු 2.00 ට පමණ මෙම සිසුවා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

හය ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ මෙම සිසුවා මෙවර පහ වසර ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වීම හේතුවෙන් ඔහුව ඇඹුල්ගස්වැව පාසැලේ සිට කැකිරාව බස්තියන් විද්‍යාලයට ඇතුලත් කර තිබුණා.

කැකිරාව නගරයේ සිට බස් රථයකින් පැමිණ ඇඹුල්ගස්වැව ප්‍රදේශයේ පිහිටි සිය නිවස අසලදී එම රථයෙන් බැස මර්ගය හරහා මාරුවීමට උත්සාහ කිරීමේදි සිසුවා මෙලෙස අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරින් මියගිය දරුවාගේ පියා එම දරුවා කුඩා කාලයේදීම පවුලෙන් වෙන්ව ගොස් ඇති අතර මව විදේශ රටක ගෘහ සේවය සදහා ගොස් ඇති බව සදහන්.

මේ හේතුවෙන් එම සිසුවා සිය නැන්දණිය සහ මාමණ්ඩියගේ භාරයේ ඔවුන්ගේ රැකවරණය යටතේ හැදී වැඩී ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරට සම්බන්ධ ලොරියේ රියැදුරු කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව කැකිරාව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
18
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13