spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොරියක ගැටීමෙන් දොළොස් හැවිරිදි සිසුවෙකු ජිවිතක්ෂයට (වීඩියෝ)

කැකිරාව ගනේවල්පොල ප්‍රධාන මාර්ගයේ ඇඹුල්ගස්වැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දොළොස් හැවිරිදි සිසුවෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලොන්නරුවේ සිට පුත්තලමට පොල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක ගැටීමෙන් අද (21)දින පස්වරු 2.00 ට පමණ මෙම සිසුවා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

හය ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ මෙම සිසුවා මෙවර පහ වසර ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වීම හේතුවෙන් ඔහුව ඇඹුල්ගස්වැව පාසැලේ සිට කැකිරාව බස්තියන් විද්‍යාලයට ඇතුලත් කර තිබුණා.

කැකිරාව නගරයේ සිට බස් රථයකින් පැමිණ ඇඹුල්ගස්වැව ප්‍රදේශයේ පිහිටි සිය නිවස අසලදී එම රථයෙන් බැස මර්ගය හරහා මාරුවීමට උත්සාහ කිරීමේදි සිසුවා මෙලෙස අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරින් මියගිය දරුවාගේ පියා එම දරුවා කුඩා කාලයේදීම පවුලෙන් වෙන්ව ගොස් ඇති අතර මව විදේශ රටක ගෘහ සේවය සදහා ගොස් ඇති බව සදහන්.

මේ හේතුවෙන් එම සිසුවා සිය නැන්දණිය සහ මාමණ්ඩියගේ භාරයේ ඔවුන්ගේ රැකවරණය යටතේ හැදී වැඩී ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරට සම්බන්ධ ලොරියේ රියැදුරු කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව කැකිරාව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
18
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?