AFC Banner
Empty Ad
Empty Ad

කථානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය නිසි ලෙස නොදන්නා බවට විපක්ෂ නායකගෙන් චෝදනා (වීඩියෝ)

වර්තමාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය නිසි ලෙස නොදන්නා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

විපක්ෂ නායකවරයා සදහන් කළේ කතානායකවරයා ,පොලිස්පතිවරයා පත් කිරීමේ දී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත ඇතුළු අවස්ථා ගණනාවකදී කටයුතු කළ ආකාරය ගැටලු‍ සහගත බවයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (21)දින පාර්ලිමේන්තුවේ කතානායකවරයාට එරෙහි විවාදයේදී අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්ධයෙන්වත් වතමන් කථානායකවරයාට නිසි අවබෝධයක් නොමැති බවයි.

ඔහු හිතාමතාම විධායකය සමඟ එකතුවී ව්‍යවස්ථාදායකයේ බලය පළුදු කිරීම සදහා කටයුතු කරන කුමන්ත්‍රණයේ හවුල්කරුවකු වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?