පාකිස්තාන නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය වැටුප් එපා කියයි

රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්‍රතිලාභ අත් හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ සිය නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන්, අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමේ අරමුණින්, විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුණු අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව මෙම තීරණය ගත් බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කර සිටිනවා.

රජයේ මුදලින් සිදුවන විදෙස් සංචාර නැවැත්වීම සහ කප්පාදු කිරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය අතරේ එකඟත්වයක් ඇති ව තිබෙනවා.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පාකිස්තානය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය අපේක්ෂා කර සිටී.

ඒ සඳහා පාකිස්තාන රජය, මූල්‍ය වගවීම් ප්‍රවර්ධනය කිරීම සම ආර්ථික අභියෝග හමුවේ රාජ්‍ය සම්පත් ප්‍රශස්ත කිරීම සම්බන්ධයෙන් පියවර රැසක් අනුගමනය කරයි.

යළිත් වරක්, පාකිස්තාන ජනාධිපති ධුරයට පත් වූ අසීෆ් අලී සර්දාරි ද සිය ධුරයේ දිවුම් දෙමින් පවසා ඇත්තේ, ජනාධිපතිවරයාට හිමි වැටුප හෝ දීමනා කිසිවක් හෝ තමන් ලබා නොගන්නා බවටයි.

අසීෆ් අලී සර්දාරි එම තීරණය ගත් අවස්ථාවේදී පාකිස්තාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය මොෂීන් නාකිව් ද කියා සිටියේ, තමන් ද තමන්ට හිමි වැටුප ලබා නොගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39